යහපාලනයට වළ කැපූ 22ක් හිරේට

මාවනැල්ල නගරයේ නීත්‍යානුකූලව පදික වෙළඳාමේ යෙදි සිටි වෙළෙඳුන් 22කු මැරබලයෙන් පන්නාදැමූ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් හට අද (11) මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ලබන 25වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස චාන්දනී මීගොඩ විනිසුරුවරිය නියෝග කළාය.

ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයින් මෙම මැර ක්‍රියාවට සම්බන්ද වී තිබේ. අගතියට පත් පාර්ශවය අධිකරණය හමුවේ ගොණුකළ පෙත්සමක් සලකා බැලූ විනිසුරුවරිය එම ස්ථානවලින් වහාම ඉවත්වන ලෙස චූදිතයින්ට දන්වා තිබේ. නමුත් ඔවුන් ඉවත් නොවී අධිකරණ නියෝගය කඩකරමින් දිගටම වෙ‍ළෙඳාමේ යෙදී සිට ඇත. පොලීසිය යොදවා අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Facebook
Twitter
LinkedIn