ජෙනරාල් ෆොන්සේකා කුමන්ත්‍රණයගැන කියයි

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වෙමින් තිබූ ජනවාරි මස 08වෙනි දින රාත්‍රියේ හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේක් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළේය.

මෙයට පෙර විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති අතර එහි මූලික විමර්ශන වාර්තාව සතියක් ඇතුළත නිකුත් කරන බව ප්‍රකාශ කර තිබුනද මේ වනතුරුත් එය නිකුත් කෙරී නැත.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාද පුවත්පත් වාරතා ගණනාවකින්ද කුමන්ත්‍රණයක් තිබූ බව හෙළි කර තිබේ.

Facebook
Twitter
LinkedIn