මර්වින් සිල්වාට ශ්‍රීලනිපයේ සාමාජිකත්වය

මර්වින් සිල්වාට ශ්‍රීලනිපයේ සාමාජිකත්වය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වාට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාදී තිබේ.

ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේනගේ නිල නිවසට පැමිණ එම පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක්ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ඔහු මීට පෙර කටයුතු කරනු ලැබූවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැලනිය ආසන සංවිධායක ලෙසය.

Facebook
Twitter
LinkedIn