ආණ්ඩුව සීයට 03ට වැටෙයි…

ආණ්ඩුව සීයට 03ට වැටෙයි…

ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙරට ජනතාවගෙන් විශ්වාසය තබන ප්‍රතිශතය 3%ට වැටී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය “රට හිතන හැටි” යනුවෙන් සිදුකරන දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ආණ්ඩුව මෙම තත්වයට මහජන විශ්වාසය බිඳදමාගෙන තිබෙන්නේ පසුගිය මහා මැතිවරණයේදී රටේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් 59.09%ක අති විශාල විශ්වාසයක් තහවුරු කරගෙන වසර දෙකක් ගතවීමටත් පෙරය.

එම සමීක්ෂණයේ ප‍්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ මංගල මත විමසුම සිදුකළ ගෙවුණු ජනවාරි මාසයේ දී, එම මට්ටම 10%ක් විය. එම සමීක්ෂණයේ ප්‍රථිපඵල සාරාංශය පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn