“ජන පීඩක ආණ්ඩුව ඉවත් වෙනු” කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) පෙරවරුවේ ආරම්භ කළ නීතිඥවරු සංවිධානය කරන ලද සංකේතාත්මක සත්‍යග්‍රහයෙන් පසු එම නීතීඥ විරෝධය මේ වනවිට ජනාධිපති මන්දිරය පිවිසුම් අසළට පැමිණ තිබේ.
එම විරෝධය ආරම්භ වීමත් සමගම කොළඹ, කොටුව ලංකා බැංකු මාවත තාවකාලිකව වසා දැමීමට පොලීසිය යොදවා කටයුතු කර ඇත.
මෙම විරෝධතාවයට නීතිඥවරු විශාල පිරිසක් සහභාගී සිටින බව වාර්තා වේ.
ඔවූන් පෙරවරුවේ උසාවි සංකීර්ණය ඉදිරිපිට පදික වේදිකාවේ වාඩිලා ආණ්ඩුවට එරෙහිව සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය දක්වනලදී.
Views: 0










