ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරඟාවලියෙන් ජයග්‍රහණය හිමිකර ගැණීමට ඕස්ට්‍රේලියානු කන්ඩායම සමත් විය.
ජයග්‍රාහී ඕස්ට්‍රේලියා කන්ඩායමේ ට්‍රැවිස් හෙඩ් විසින් ලබාගත් කඩුළු 04 විශේෂ වන අතර දිනය ආරම්භ වනවිට ඕස්ට්‍රේලියා කන්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 313ක් රැස් කරගෙන තිබිණි. ඕස්ට්‍රේලියාවේ පළමු ඉණිම ලකුණු 321කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අද උදෑසන සමත් වුණී.
ඒ අනුව මුල් ඉනිමේදී ලකුණු 212 රුස් කළ ශ්‍රී ලංකා කන්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ ඕස්ට්‍රේලියාවට වඩා ලකුණු 109කට පසු පසින් සිටිමිනි.
ශ්‍රී ලංකා පිතිකරුවන්ට දෙවන ඉනිම සඳහා පන්දුවාර 22යි පන්දු 5කදී සියලු දෙනා දැවී රුස්කරගත හැකිවූයේ ලකුණු 113ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා හිමිවුනු ලකුණූ 05ක ඉලක්කය නොදැවී පහසුවෙන් පසුකර යමින් පැවති පළමු ටෙස්ට් තරඟය කඩුලු 10ක පහසු ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.










