ජෝර්දානයත් එකට එක කරයි

IS ත්‍රස්තයින් අත්අඩංගුවේ පසුවූ ජෝර්දාන ගුවන් නියමුවා පුළුස්සා මරා දැමීමෙන් පසුව ජෝර්දාන අත්අඩංගුවේ පසු වූ මරාගෙන මැරෙන ඉරාක බෝම්බ කාරියව එල්ලා මරා දැමූ බව නිවේදනය කර තිබේ.

එසේම ජෝර්දානයේ අබ්දුල්ලා රජු ඇමෙරිකාවේ සිදුකළ සංචාරයද ගුවන් නියමුවා ඝාතනය කිරීමත් සමග අතරමග නවතා දමා නැවතත් සිය රටට පැමිණි බව වාර්තා වේ. මෙම ඝාතනයත් සමග ජෝර්දානය ඇතුළු කලාපයේ මුස්ලිම් රටවල නායකයින්ගේ හා ජනතාවගේ දැඩි විරෝධයක් මේ වනවිට IS ත්‍රස්තයින්හට එරෙහිව එල්ල වෙමින් තිබේ. IS ත්‍රස්තයින්ට මෙම ඝාතනයට වන්දි ගෙවීමට නුදුරේදිම සිදුවන බවට ජෝර්දාන ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn