කේ.පී. නඩුව අද

ජනතා විමුක්ති පෙරමුණ විසින් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධානියා ලෙස කටයුතු කළ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබූ පෙත්සමට අදාළ විභාගය අද (05) පෙරවරු 11.00ට ගැනීමට නියමිතය.

කේ. පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක් දැයි යන්න හෙළිකරන ලෙසත් කේ. පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ.

මොහු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන සඳහන් වූ නීතිපති වර්තාව අද දිනයේ අභියාචනාධිකරණයට ලබා දීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn