තුන්පාරක් විශ්‍රාමගිය අරුම පුදුම නිලධාරියා

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක මහත්මියව නීතිවිරෝධී ලෙස එම ධුරයෙන් ඉවත් කර ඒ සඳහා නීතිවිරෝධී ලෙස පතකළ මොහාන් පීරිස් මහතා ඒ වනවිටත් රාජ්‍ය සේවයෙන් දෙවරක් විශ්‍රාමගොස් සිටි තැනැත්තෙකු බවත් දැන් ඔහු නැවත වරක් විශ්‍රාම යන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ පසුගියදා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපානන් බැහැදැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා එම විශ්‍රාම යාම සම්බන්ධයෙන් ප්‍රකාශ කළ කොටස පහතින් පළ වේ.

“හිටපු අගවිනිසුරු ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ‍්‍රාම ගියා. ඉන්පසු නැවත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු නීතිපති ලෙස පත් කළා. දෙවන වතාවට නීතිපති ලෙස එතුමා විශ‍්‍රාම යනවා. නැවත තුන් වන වතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ විශ‍්‍රාම යනවා. ලෝකෙ කොයි රටේ ද තුන් වතාවක් විශ‍්‍රාම ගන්න පුළුවන් වෙන්නෙ. එහෙම රස්සා කොහේද තියෙන්නෙ. ඊට අමතරව එතුමා ජනාධිපති වරයාගේ නීති උපදේශක, කැබිනට් මණ්ඩලයේ නීති උපදේශක, ලලිත් කොතලාවල මහතාගෙන් මංකොල්ල කෑ සෙලාන් බැංකුවේ සභාපති, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක, සොෆ්ට් ලොජික් කියන ලංකාවට ආයුධ ගෙන එන ආයතනයේ කොටස් හිමි අධ්‍යක්ෂ, රත්නා ලංකා ආරක්ෂක සේවයේ කොටස් හිමි අධ්‍යක්ෂ, මෙවන් අයගෙන් අධිකරණ ක්ෂේත‍්‍රයේ සාධාරණයක් බලාපොරොත්තු වන්න බැහැ.”

Facebook
Twitter
LinkedIn