පකිස්ථානයේදී අත්අඩංගුවට පත්වූ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා අද (05) කෙළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවක් සඳහා ඔහු මුල්වරට මෙසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
පසුගිය 2010 වසරේ මුල් මාස හය තුළදී පමණක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති මුදල් සම්බන්ධයෙන් හෙළි වී ඇති තොරතුරු වී ඇති අතර වෙලේ සුදා ජනවාර 12 වැනි දින පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලදි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු හා සබඳතා පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දුමින්ද සිල්වා, හිටපු පොලිස්පතිවරයකු වන මහින්ද බාලසූරිය ඇතුළු ආන්දෝලනාත්මක චරිත පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර තිබේ.
Views: 0









