පසුගිය දින කිහිපයේ සිංගප්පූරුව බලා ගොස් සිටී සිවිල් ගුවන් සේවා ඇමති ෆයිසර් මුස්තෆා මහතා ඊයේ (04) රාත්‍රීයේ යළ පැමිණ තිබේ. ඔහු දිවයිනෙන් බැහැර වූයේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් වූ ගැටලුවක් හේතුවෙන් බව මධ්‍ය හරහා අනාවරණය වූ අතර ඒ මහතා අද දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ.
පසුගියදා ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ ඉදිරියේදී තමන් නීතිඥයකු ලෙස ක්‍රියා කිරීමට සූදානම් බවත් එය සැලකිල්ලට ගෙන තීරණයක් ගැනීමට සූදානම් වන බවය. ඇමතිවරයා මෙසේ ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන ගැසට් කිරීමෙන් පසුව ඒවා නැවත පවරාගැනීම නිසා ඔහු මෙසේ සිය අමාත්‍යධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතට පැවති ශ්‍රී ලංකන් ආයතනය, මිහින් ලංකා ගුවන් සමාගම, ගුවන් පර්යේෂණ ආයතනය, ගුවන්තොටුපළ හා ගුවන්තොටුපල සේවා සමාගම ඇතුළත් විය. මෙම ආයතන අතරින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ තවත් ආයතනයක් ඔහුගෙන් ඉවත් කිරීම නිසා ඔහු කළකිරීමට පත්ව සිටින බව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයටද ඒ පිළිබඳ දැනුම් දී ඉවත්වීමට සූදානම් වන ලෙසත් දන්වා සිටී බව මාධ්‍ය අනාවරණය කළේය.









