IS ත්‍රස්තයින්ගේ ප්‍රාණ ඇපයේ සිටි ජෝර්දාන ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු යකඩ කූඩුවක දමා අමානුෂික ලෙස පුළුස්සා මරා දමා තිබේ. ඔහු මරා දමන ආකරය දැක්වෙන මිනිත්තු 21ක වීඩීයෝවක් IS ත්‍රස්තයින් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
26 හැවිරිදි ලුතිනන්වරයකු වන මුවාස් අල් කසාස්බේ IS ත්‍රස්තයින්ගේ ප්‍රාණ ඇපයට පත් වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඔහුගේ එෆ්-16 ප්‍රහාරක යානය සිරියාවේ රකා ප්‍රදේශයට කඩා වැටීමෙනි.
මෙම ඝාතනයට එරෙහිව ජෝර්දානය පුරා දැඩි විරෝධතා හටගෙන ඇති අතර ජෝර්දාන රජය IS ත්‍රස්තයින් මෙම කෘර ඝාතනයට එරෙහිද නුදුරේදීම ප්‍රතිචාර දක්වන බව ප්‍රකාශ කර තිබේ.
Views: 0









