ඔබාමාට තවත් වර්ජනයක්

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ඛනිජ තෙල් සමාගම් සමග සේවකයින්ට ජාතික මට්ටමේ ගිවිසුමකට එළඹීමට සිදුකළ සාකච්ඡා අසමත් වීමෙන් පසු එරට ඛනිජ තෙල් පිරිපහදු ක්ෂේත්‍රයේ නියුතු සේවකයින් දැවැන්ත වැඩ වර්ජනයක් අරඹා ඇති බව වාර්තාවේ.

එක්සත් ජනපදයේ පිරිපහදු මධ්‍යස්ථාන නවයක සේවකයින් එක්ව සිටින මෙම වර්ජනය 1980න් පසු එරට ජාතික මට්ටමින් සිදු කෙරෙන දැවැන්තම වැඩ වර්ජනය වන අතර මේ හේතුවෙන් රටේ පිරිපහදු ධාරිතාවයෙන් 10%කට පමණ බලපෑම් එල්ල වනු ඇති බව පැවසේ.

සිය වේතන දෙගුණ කරන ලෙසත්, සෞඛ්‍ය සේවා ආරක්ෂණයේ ගුණාත්මකභාවය ඉහළ නංවන ලෙසත් වර්ජකයින් ඉල්ලා සිටියි.

Facebook
Twitter
LinkedIn