ව්‍යාජ වෛද්‍යවරුන්ගෙන් ප්‍රවේශම් වන්න

ව්‍යාජ වෛද්‍යවරුන් 5,026ක් පළාත් පහක ව්‍යාප්ත වී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරයි. බස්නාහිර, දකුණ, උතුරු, සබරගමුව සහ ඌව පළාත්වල ව්‍යාජ වෛද්‍යවරුන් ව්‍යාප්ත වී සිටී.

මෙම පළාත්වල සුදුසුකම් ලද වෛද්‍යවරුන් වශයෙන් 22,319දෙනෙකු සිටින බවද ඔවුන්ගෙන 5,026ක් සුදුසුකම් ලද වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටිමින් ප්‍රතිකාර කිරීමේ යෙදී සිටින බව එම සංගමය අනාවරණය කර තිබේ. වෛද්‍ය සේවාව මේ වනවිට දැඩි ජාවාරමක් බවට පත්ව තිබීමෙන් මෙම ඉතා අනතුරුකාරී තත්වය මතු වී තිබේ.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශය අනුගමනය කළ නිද්‍රාශීලී පිළිවෙත් නිසා සහ සෞඛ්‍ය සේවය මුදලට විකිණීමේ ව්‍යාපාරයක් බවට පත් කිරීම නිසා මෙම භයානක තත්වය මතුව තිබේ. සුදුසුකම්ලත් බටහිර වෛද්‍යවරුන්ට අමතරව හෝමියෝපති වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන් සහ පාරම්පරික වෛද්‍යවරුන් රටපුරා විසිරී සිටිති. මේ අතරින් ව්‍යාජ වෛද්‍යවරුන් වශයෙන් පෙනී සිටින්නේ බටහිර වෛද්‍ය සේවය පවත්වාගෙන යමින්ය.

Facebook
Twitter
LinkedIn