ව්‍යාජ ලිපිලේඛන සකසා උප්පැන්න සහතික සකස්කර විදේශ ගමන්බලපත්‍ර සැකසීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මිය ඉදිරි දින කිහිපය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම චෝදනාවලට අදාළව සිදුකළ විමර්ෂණවලදී බොහෝ කරුණු අනාවරණය වී ඇතැයිද බොහෝ සාක්ෂි ලැබී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඇමැති වරප්‍රසාද මත මෙම ව්‍යාජ ලේඛන සකසා ඇති බව දැනට හෙළිවී ඇති කරුණු මගින් අනාවරණය වී ඇති බවද ඊට සහාය දුන් අනෙකුත් පිරිස්වලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.
Views: 0









