කඩිනමින් හඳුන්වා දීමට නියමිත යෝජිත බදු සංශෝධන අනුව එකතු කළ අගය මත බද්ද (VAT) 8% සිට 12% දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කිරීමටද යෝජනා කර තිබේ.
එම බදු වැඩි කිරී පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ඒකකය ඊයේ (31) නිවේදනයක්ද නිකුත් කර තිබේ.
එම වැට් බදු සංශෝධනය පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් විදුලි සංදේශ බදු පනත සංශෝධනයට යටත්ව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
තව ද බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපඅයල් මිලියන 03 සිට රුපියල් මිලියන 1.2ක් දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට 4% සිට 32% දක්වා බදු අනුපාත පැනවීමටද යෝජනා කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව 2022 ඔක්තෝබර් 01 සිට සහ 2023 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තවත් ක්‍රියාමාර්ග කිහිපයක්ද ප්‍රකාශයට පත් පත් කර තිබේ.










