මිල කළ නොහැකි මොනාලීසාට කරදරයක්

මිල කළ නොහැකි මොනාලීසාට කරදරයක්

ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතුකාගාරයට රෝද පුටුවකින් ඇතුළු වුණු ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළාගත් පිරිමි පුද්ගලයෙකු එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති මොනාලීසා’ සිතුවමට හානි කිරීමට උත්සහ කර තිබේ.

ඊයේ (29) මෙය සිදු කර ඇති අතර ලියනාඩෝ ඩාවින්සි විසින් සිතුවම් කළ, මිල කළ නොහැකි අති විශිෂ්ඨ කලා නිර්මානයක් ලෙස මොනාලිසා සිතුවම සැලකේ.

මෙය ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත්තේ අති විශේෂ වෙඩි නොවදින බිඳිය නොහැකි වීදුරු රාමුවක් තුළය. මෙම පුද්ගලයා සිතුවමෙහි අයිසිං කේක් තවරා හානි කිරීමට ගත් උත්සහය ව්‍යාර්ත වී ගොස් තිබේ. ඒ අදාළ ආරක්ෂිත වීදුරු ආවරණය හේතුවෙනි.

සිතුවමට හානි සිදු කිරීමට උත්සාහ කළ එම තැනැත්තා කෞතුකාගාර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පැරිස් පොලිසියට බාර දී ඇති අතර සිදුකළ විමර්ශණවලින් අනාවරණය වී ඇත්තේ එය අවදානය දිනාගැනීමට ගත් උත්සහයක් බවයි.

එමෙන්ම මෙම සිද්ධියට සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රසිද්ධියක්ද ලැබී තිබිණි.

Facebook
Twitter
LinkedIn