වහාම ක්‍රියාත්මකවන පරිදි හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.
ඒ සති දෙකකට නිවාඩු ගිය බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝ නිවාඩු ලබා ගැනීමට පෙර ලබා දී ඇති උපදෙස් මතය.
මෙම පියවර ගැනීට හේතු වී ඇත්තේ රට තුළ උද්ගතව ඇති තත්වය තුළ හිටපු අගමැති මහින්ද රාජපක්ෂට ඕනෑම අවස්ථාවක විරෝධය හා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි අංශ ලබා දුන් තොරතුරු පදනම් කරගෙන බවද වාර්තා වේ.
මහින්ද රාජපක්ෂට අමතරව ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු කොළඹ නගරයේ වැදගත් සහ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තවදුරටත් දැඩි කිරීමට බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබේ.
විවිධ වෘත්තීය සමිති ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම ඇතැම් පිරිස් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවටද බුද්ධි අංශ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර ඇතැයිද බස්නාහිර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාධ්‍ය වෙත පවසා ඇත.










