ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන මහජන අරගලයට දවස් 50ක් ඉක්මවා ගියා. ගෙවීගිය කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ බිමට ගිහිං විරෝධය දැක්වූවා. රාත්‍රී කාලයේ මේ බිමට ගිය අයට උසට උසේ තිබෙන ගොඩනැගිලි ලයිට් එළිවලින් නෑවෙන හැටි දකින්න පුළුවන්. ඒ උසම උස ගොඩනැගිලි අතර විශේෂම ගොඩනැගිල්ලක් තියෙනවා. ඒක හෝටලයක්.
ෂැංග්‍රි-ලා
මේ සටහන ලියන්නේ ගොල්ෆේස් අරගල බිම ගැන නොවෙයි. උසට උසේ තිබෙන ෂැන්ග්‍රිලා හෝටලයේ නිදාන කතාව ගැන.
මේ හෝටලය උසට උසේ ඉදිකරලා තිබෙන්නේ කලින් ”ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය” පිහිටා තිබූ ඉඩමේ. හමුදා මූලස්ථානය මෙතන ඉදිකළේ සුද්දන්ගේ කාලයේ. ඒක එතනින් අයිනි කරලා ඒ ඉඩම ෂැන්ග්‍රිලා හෝටල් බහුජාතික සමාගමට සින්නක්කරව විකුණා දැම්මා. අමතර කරුණක් විදිහට මේකත් කියන්න ඕනෑ. ෂැන්ග්‍රි-ලා සමාගම ලෝකයේ රටවල් ගණනක තිබුණත් සින්නක්කර ඉඩම්වල නොවෙයි තිබුණේ. බදු ඉඩම්වල. ඉස්සෙල්ලාම ශ්‍රී ලංකාවෙන් සින්නක්කර ඉඩමක් ගත්තේ. මේ ඉඩම වික්කේ ආඩම්බරකාර තාත්තා බව කියා ගත්තු කෙනා. මේ රට ආසියාවේ ආශ්චර්ය කරනවා කියපු කෙනා. පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වනුවත් මව්බිම කියලා පපුවට ගහගත්තු හාදයා. එයාට ඉඩම විකුණන්න යුද හමුදා මූලස්ථානය එතනින් අයින් කරලා දුන්නේ එයාගේ මල්ලී. එදා හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්; ගෝඨාභය රාජපක්ෂ. ”මම තමයි හොඳටම කළේ” කියලා දැන් බංකරේක හැංගිලා ඉන්න කෙනා. අනික් කෙනා ඒ කියන්නේ අඩම්බරකාර තාත්තා කියාගත් පොරත් දැන් බංකරේක හැංගිලාවගේ තමයි.
මේ බානම එකතු වෙලා තමයි රටේ වටිනාම ඉඩම් නොරටුන්ට විකුණන්න පටන් ගත්තේ. පටන් ගත්තේ හමුදා මූලස්ථානයෙන්. එතකොට අනිත් ඉඩම් සිම්පල්නේ. රටේ මිනිස්සු දේශප්‍රේමයෙන් මත්වෙලා ඉඳිද්දී හොඳ නිලයක් බලලාම පටන් ගත්තා. වාණිජ වටිනාකම අතිනුත් ඉහළම ඉඩමක්. හමුදා මූලස්ථානය ළඟ තිබුණ අල්ලපු ඉඩමත් ඒ එක්කම දීලා දැම්මා.
මෙතෙක් කිසිම මාධ්‍යයකින් හෙළිකරලා නොතිබූ ඒ ඉඩම විකිණීමේ ඔප්පුවේ විස්තර ටිකක් හෙළි කරන්නම්. උඩින්ම තියෙන ඔප්පු අංකය: 4/10/33433-1 කියලා සඳහන්. රබර් සීල් එකේ 15 MAR 2011 කියන දවස තියෙන්නේ. ඒ කියන්නේ 2011 මාර්තු 15 වෙනිදා, විකුණලා. කොළඹ ඉඩම් රෙජිස්ටාර් ජේ.කේ.සී.එස් ජාගොඩ වගකීම් දරපු නිලධාරියා. වැදගත්ම දේ මේකයි, ඊළඟට උඩින්ම තියෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ” කියලා විරාජමානව අකුරු ටයිප් කරලා. අර ”මහින්ද රාජපක්ෂ කියන” අත්සනත් තියෙනවා.
ඊට යටින් ජනාධිපතිවරයාගේ ලේකම් ලලිත් වීරතුංග කියලා අත්සන් කර තියෙනවා. එතන ”ජනාධිපතිවරයාගේ ප්රතිරූප අත්සන මා ඉදිරියේදී පිහිටුවන ලද බැව්.. ”කියලා තවත් අණ්ඩරදෙමළ වගන්ති වගයක් තියෙනවා. ඒවාට පහළින් ”සියලු දෙනාම මෙයින් දැනගත යුතුයි” කියලා ආඥාවකුත්. ආඩම්බරකාර තාත්තානේ මේ කියන්නේ.
ඒ කියන, දැනගත යුතු දේවල් කිහිපයක් ඒ විදිහට උපුටා දක්වන්නම්.
මෙහි පහත ගැනුම්කාර පක්ෂයේ පැත්තෙන් නම් කරනු ලබන එල්/ඒ, අංක:04, ආර්.ඒ. ද මැල් මාවත
කොළඹ 04, ලිපිනයේ පිහිටි ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඞ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ගෙවන ලද (ඒ බව මෙයින් පිළිගනී) ඇමෙරිකානු ඩොලර් මිලියන පනහක් (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූ අපි මීට යාකර තිබෙන උපලේඛනයේ සවිස්තරව දක්වා ඇති දේපළ එකී ගැනුම්කාර ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයද එහි උරුමක්කාරයන්ට හා පොල්ම:කාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට මෙයින් අයිතිකර පවර බාර දෙම්හ.”
මේ ආකාරයට අයිතිකර පවරා බාරදෙන ලද අතීතයේ අවස්ථාවන් ඔබට මතකද? ශ්‍රී වික්‍රම රාජසිංහ මේ මුළු රටම සුද්දන්ට ලියා දුන්නේ මේ විදිහටමයිනේ.
මහින්ද රාජපක්ෂ මහරජාණෝ, ගෝඨාභය රාජපක්ෂ, එදා වෙන්ඩ මහරජාත් වැඩ ඇල්ලුවේ එහෙම. මතක තියාගන්ඩ ඩොලර් මිලියන 50කට, රුපියල් කෝටි 550කට විකුණා දැම්මා. ඉඩමේ ප්‍රමාණය හෙක්ටර්යාර් 1.6108ක්.
අනික් ඉඩම ගැනත් මුල් විස්තරය එහෙමයි. විකුණුවේ 2010 දෙසැම්බර් 29 වෙනිදා. ඒ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩමෙන්. සේල් පොළ පටන් ගත්තේ එතනින්. අර මුල් විස්තර එහෙමයි. මහින්ද රාජපක්ෂගේ, ලලිත් වීරතුංගගේ අත්සන් දෙකම තියෙනවා. අනික් ඡේදයත් උපුටා දක්වන්නම්.
”සියලු දෙනාම මෙයින් දැනගත යුතයි.
මෙහි පහත ගැනුම්කාර පක්ෂය පැත්තෙන් නම් කරනු ලබන එල්/ඒ, අංක:4, ආර්.ඒ. ද මැල් මාවත, කොළඹ 04 ලිපිනයේ පිහිටි ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්රයිවම්) ලිමිටඩ් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ගෙවන ලද (ඒ බව මෙයින් පිළිගනී) ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 8250ක්) කරණකොට ගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වූ අපි මීට යාකර තිබෙන උපලේඛනයේ සවිස්තරව දක්වා ඇති දේපළ එකී ගැනුම්කාර ෂැන්ග්‍රි-ලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයද එහි උරුමක්කාරයන්ට හා අද්මිනිස්ත්‍රාසිකාරයන්ට හා ලැබුම්කාරයන්ට මෙයින් අයිතිකර පවාර බාර දෙම්හ.”
බන්දේසියක තබා මෙසේ ”අයිතිකාර පවරා බාර දෙන” ලද ඉඩම හෙක්ටයාර් 2.4361ක්.
එදා විකිණිල්ල මේ විදිහට එක අත්සනකින් පටන් ගත්තා. අනික් පැත්තෙන් 2007 ඉඳලා ගිනිපොලියට ජාත්‍යන්තර බැඳුම්කර ණය ගත්තා. එදා අපි ටික දෙනෙක් මේ ගිනිපොලියේ තරම කියා දුන්නා. මිනිස්සු අපට කීවේ ”මුන්ගේ වෛරී කතා” ”මුන්ට පිස්සු” කියලයි. අද රාජපක්ෂලාගේ කැත හෙලුව මුළු රටටම පේනවා. ඒකේ හොඳම හරිය ගෝල්ෆේස් අරගල බිමට ගියාම දැක ගන්න පුළුවන් මේ ෂැන්ග්‍රි-ලා ගොඩනැගිල්ලෙන්. අරගලය ජයග්‍රහණය කරා ගෙනයන අතර ගෝටාබය, මහින්ද, බැසිල්, ඇතුළු රාජපක්ෂ කල්ලියට දැන් එක්වී සිටින රනිල් ඇතුළු ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින කල්ලියත් මේ රටේ ජනතාවට හෙලුව පෙන්වූ හැටි දැනකියාගැනීම වැදගත්. ඒ දැන කියාගැනීම නොගත්තොත් ආයෙත් සැරයක් කැලණි ගඟ දෙබෑකරගෙන නාගයන් මතුවෙන්න පුළුවන්.
නන්දිමිත්රගේ සතියේ සටහන












