සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් අංශයේ ගබඩාවල තිබු රුපියල් කෝටි හතරකට වැඩි වටිනා ඖෂධ තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ඇති අතර කලකට පෙර සිදු වූ මෙම සිද්ධියට නිලධාරීන් එකොළොස් දෙනකු වගකිව යුතු බව එම නිලධාරීන් පවසා ඇත.
එම නිලධාරීන්ගෙන් රුපියල් තිස් දෙලක්ෂ හැට එක්දාහක (රු. 3,261,000) මුදලක් 2020.12.31 වැනි දිනට අයකරගෙන ඇති බවත් නිලධාරීන් 07 දෙනෙකු මියගොස් හෝ සේවය අතහැර ගොස් හෝ ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධානීන් කෝපා කමිටුවට දැනුම්දී තිබේ.
අනෙක් නිලධාරීන් හතර දෙනාගෙන් අලාභ අය කර ගනිමින් සිටින බවද සඳහන් කර ඇත.
ගබඩා සමීක්ෂණ කටයුතු දැනට නිසි පරිදි කරගෙන යන බව ප්‍රකාශ කර ඇති එම ප්‍රධානීන් පසුගිය වර්ෂ පහේදී ඖෂධ ඌනතා වාර්තාවී නැතැයිද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.










