අරගලයට දින 50යි – ආණ්ඩුව හොඳටම බයවෙයි

අරගලයට දින 50යි – ආණ්ඩුව හොඳටම බයවෙයි

ගෝල්ෆේස් මහජන අරගලය අද (28) දින 50ක් සම්පූර්ණ කරන අතර එය නිමිති කරගෙන දැනට රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමටත් කොල්ලු පිටියේ සිට ගෝටාගෝගම අරගල භූමිය දක්වා විරෝධතා පාගමණක් පැවැත්වීමටත් සංවිධානය කර ඇති පසුබිම තුළ ආණ්ඩුව දැඩි ලෙස කලබල වී තිබේ.

ආණ්ඩුවේ මෙම කලබලය නිසා පොලීසිය යොදවා මෙම උද්ඝෝෂණය තහනම් කිරීමට අධිකරණ වාරන නියෝග ගැනීමට පවා උත්සාහ කර ඇත. අධිකරණය විසින් උද්ඝෝෂණය කිරිමේ අයිතිය තහවුරු කරමින් ප්‍රචණ්ඩකාරී නොවන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම අනුමත කර ඇත.

එහෙත් මේ වනවිට ආණ්ඩුව පොලීසිය යොදවා කොල්ලුපිටිය ගාලුමෝදර හා ඒ අවට කලාපයේ දැඩි ආරක්ෂක විධිවිධාන යොදමින් සිටින බව වාර්තා වෙයි.

මේ අතර “අරගලය ඉවර නෑ – දිනන තුරු හැරෙන් නෑ… ගෝල් ෆේස් අරගලයට අදට දින 50 යි !” යන තේමාවෙන් දිගන නගරයේදී, කුරුණෑගල ඔරලෝසු කණුව අසළදී, අකුරැස්ස නගරයේදී, ගාල්ල දුම්රිය ස්ථානය අසළදී, තිස්සමහාරාම වටරවුම ඉදිරිපිටදී, වලස්මුල්ල බස් නැවතුම්පල අසළදී, අම්බලන්තො නගරයේදී, අනුරාධපුර DS වටරවුමේදී, බණ්ඩාරවෙල බස් නැවතුම්පල අසළදී, මාතලේ ඔරලෝසු කණුව අසළදී සහ ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී මෙම විරෝධතා පැවැත්වීමට නියමිතය.

අපගේ ආධාරකරුවන් සමඟ සම්බන්ධ වීමෙන්, අපි දැනුවත් කිරීමේ නව යුගයක් ආරම්භ කර ඇත. අපි ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපාන ප්‍රශ්න පිළිබඳව මිනිසුන්ට දැනුම් දෙනවා පමණක් නොව, එම මාතෘකා කෙරෙහි අනුකම්පාව සහ වඩාත් සූක්ෂ්ම ඉදිරිදර්ශන වර්ධනය කිරීමට ද උදවු කරන්නෙමු. මෙම වැදගත් දේවල් කිරීමට අපට උපකාර කරන අනුග්‍රාහකයා ගැන ඔබට පැවසීමට අපට අවශ්‍ය වන්නේ එබැවිනි. ඔබ ක්‍රීඩා භුක්ති විඳීමට ඔබේ කාලය ගත කිරීමට කැමති නම්, SlotoGate හිදී ඔබට ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගැනීමට හැකි වනු ඇත! https://slotogate.com/de/table-games/roulette/ වැනි ආදරණීය සම්භාව්‍යයන් උපරිම විනෝදාස්වාදය සඳහා නව නිකුතු හමුවන කැසිනෝ ක්‍රීඩා වල උද්වේගකර ලෝකයක ඔබම ගිල්වන්න. පෙර නොවූ විරූ අත්දැකීමක් සඳහා එක්වන්න!

Facebook
Twitter
LinkedIn