ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි ස්ථාන මාරු ලබාදී තිබේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද සිටින බව පොලිස් මූලස්ථානය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ස්ථාන මාරු කර ඇති අතර ඉන් පුරප්පාඩුවන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක, අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස නැගෙනහිර පළාත භාර වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා පත් කර ඇත.
එමෙන්ම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද නැගෙනහිර පළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස්පති ලෙස ස්ථාන මාරු කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගේ 2022.05.27 දිනැති ලිපියට අනුව, රාජ්‍ය්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් නියෝගය නිකුත්කර ඇත.










