පසුගිය 09 වෙනිදා ගෝල්ෆේස් පිටියට එල්ල කළ රාජපක්ෂ මැර ප්‍රහාරය සහ ඉන් පසුව රට තුළ ඇති වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් යුධ හමුදාව ප්‍රමාණවත් පරිදි මැදිහත්වූවේදැයි සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව සම්බන්ධයෙන් කිසිදු නිල නිවේදනයක් මේ දක්වා නිකුත් කර නැත.
ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ නිල වෙබ් අඩවියේ මාධ්‍ය නිවේදන හෝ ෆේස්බුක් සටහන්, ට්වීටර් සටහන් හෝ රජයේ නිල වෙබ් අඩවියේ මේ සම්බන්ධයෙන් කිසිදු නිවේදනයක් නොමැත. නමුත් මාධ්‍ය වාර්තා කර තිබුණේ, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පසුගිය 25 වෙනිදා ජනාධිපති විසින් පත් කර ඇති බවය.
එම කමිටුව ඊයේ (27) නිරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවද මාධ්‍ය වාර්තාවල දැක්විණි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ දේපලවලට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට යුධ හමුදාව නොයෙදීම සම්බන්ධයෙන් යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට බරපතල චෝදනා එල්ල කර තිබිණි. එහි ප්‍රතිපලයක් ලෙස ජූනි පළවෙනි දින සිට ඔහු යුධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමට සලස්වා තිබේ.










