ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජා වන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට සූදානම් වූ කැසිනෝ සමාජ ශාලා හෝටල් සංකීර්ණයේ කටයුතු නතර කර බව ඔහුගේ ක්‍රවුන් රිසෝට්ස් ආයතනය ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ විශාලතම කැසිනෝ හිමිකරුවකු වන ඔහු මැකාවූ දූපත, පිලිපීනය හා තවත් රටවල් ගණනාවක කැසිනෝ හල් පවත්වාගෙන යයි. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුවේ ක්‍රමෝපාය සංවර්ධන නමින් පනතක් ද සම්මත කර ගත්තේය. ඒ අනුව ඩී.ආර්. විජේවර්ධන මාවතේ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ලැබුණු අතර මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ඒ වෙනුවෙන් බදු සහනද හිමි විය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදු කළ මෙම කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව දැවැන්ත විරෝධයක් රටතුළ ගොඩනැගුණි.
7









