සිය පුරවැසියන්ට ඉන්දියාව ඇතුළු රටවල් 16ක සංචාරය කිරීම තහනම් කිරීමට සෞදි අරාබිය තීරනය කර තිබේ.
සෞදි අරාබිය මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ් – 19 වෛරසය නැවත පැතිරීම හේතුවෙන් ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙනි.
එම රටවල් 16 වන්නේ ඉන්දියාව, ලෙබනනය, සිරියාව, තුර්කිය, ඉරානය, ඇෆ්ඝනිස්ථානය, යේමනය, සෝමාලියාව, ඉතියෝපියාව, කොංගෝ ජනරජය, ලිබියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, ආර්මේනියාව, බෙලරුසියාව සහ වෙනිසියුලාව වන රටවල්ය.
0









