ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහළ යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු 35%කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල ප්‍රකාශ කරයි.
මේ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මක කරන බව ඔහු පවසයි. ඩීසල් මිල ඉහළ දැමීමට අමතරව අමතර කොටස් මිල ඉහළ යාමද තමන්ට තදබල ලෙස බල පා ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Views: 0










