මේ වනවිටත් පත් කර නොමැති මුදල් අමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබා දිමට ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සූදානම් වන බවට විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් අනාවරණය වෙයි.
බොහෝවිට හෙට (25) දිනයේ එම අමාත්‍ය ධුරයේ රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනු ඇති බවට අදාල මූලාශ්‍ර හෙළිකරයි. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ විශය පතයට අයත් වන ප්‍රමුඛතම ආයතනයක් බවට පත්වෙයි. 2015 පෙබරවාරි 27 වෙනි දින මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදුකරන විටද මහ බැංකුව භාරව අයත්ව තිබුණේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහටය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ එම බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන වගඋත්තරකරුවකි.
Views: 0










