CIDය ඉදිරිපිටි උනුසුම් තත්වයක් – ජොනී අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

CIDය ඉදිරිපිටි උනුසුම් තත්වයක් – ජොනී අත්අඩංගුවට ගන්නැයි විරෝධතා

මේ වනවිට ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උනුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පසුගිය 09 වෙනිදා ගෝටාගෝගමට සහ මයිනාගෝගමට පහරදීම සඳහා මැරයන් සමග පැමිණි, හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමිණි. එදින සිදුකළ ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස නීතිපතිවරයා විසින් නම් කර සිටින ප්‍රධාන චූදිතයන් 26 දෙනා අතර ජොන්ස්ටන් ප්‍රනාන්දුද සිටින අතර ඔහු මේ වනවිට අපරාධපරීක්ෂණ දෙපාර්තමෙන්තුවට කඳවා ප්‍රශ්න කරමින් සිටිති.

ඒ අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණි ගෝටාගෝගම අරගල භූමියේ පිරිස් ජොන්ස්ටන් ප්‍රනාන්දුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මේ වනවිටත් එහි විරෝධතා දක්වමින් සිටිති.

Facebook
Twitter
LinkedIn