වෙච්ච දේ ගැන මෛත්‍රී නිවේදනයක් නිකුත් කරයි

වෙච්ච දේ ගැන මෛත්‍රී නිවේදනයක් නිකුත් කරයි

ගෝටාබය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ එකතු වී පිහිටුවාගෙන තිබෙන ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර නැති බවට නිවේදනයක් නිකුත් කර ඇත.

එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් අද (24) නිකුත් කළ එම නිවේදනය ජනමාධ්‍යවලට නිකුත්කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට පිටුපා ඇමති ධුර ලබාගෙන සිටින මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අනුගමනය කරණ ඉදිරි ක්‍රියාමාර්ග මොනවාදැයි එම නිවේදනයේ සඳහන් කොට නොතිබීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn