පළාත් පාලන ආයතන විසුරුවන්නැයි පරිපාලන සේවයෙන් ඉල්ලීමක්

පළාත් පාලන ආයතන විසුරුවන්නැයි පරිපාලන සේවයෙන් ඉල්ලීමක්

පළාත් පාලන ආයතනවල සභිකයන් වහාම විසුරුවා හැර එම ආයතන විශේෂ කොමසාරිස්වරු යටතට පත්කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල පැවසුවේ රට මුහුණ දී තිබෙන දරුණු ආර්ථික අර්බුදය හමුවේ නඩත්තු කරණ අති විශාල පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව බරක් බවත් එමෙන්ම නව පළාත් පාලන ඡන්ද ක්‍රමය යටතේ සභික සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත්ය.

සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වී මේ වනවිට වසරකින් දීර්ඝ කර ඇති බවත් එම දීර්ඝ කිරීම ආර්ථිකයට දරාගත හැකි තීරණයක් නොවන බවත් ඇතැම් නගර සභාවල නගරාධිපතිවරුන්ගේ මාසික වියදම රුපියල් මිලියනයද ඉක්මවා යන බවත් ඔහු සඳහන් කරයි.

එමෙන්ම රජයේ මෙවැනි නාස්තිකාර වියදම් අඩු කිිරීමට නම් අනිවාර්යෙන් මෙවැනි අනවශ්‍ය වියදම් කපාහැරිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn