ඉන්ධන මිල වැඩි කළේ මිල සූත්රය අනුව බවත් ඒ මිල සූත්රය අනුව සෑම රාත්රියකම ඉන්ධන මිල සූත්රය ක්රියාත්මක විය හැකි බවත් විදුලි බල හා බලශක්ත ඇමති කංචන විජේසේකර පවසයි.
මීට පෙර මංගල සමරවීර මුදල් ඇමතිවරයාද ඉන්ධන මිල සූත්රයක් හඳුන්වා දුන් අතර ඒ අනුව නිරන්තරයෙන් ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් ඊට දැඩි විරෝධයක් සමාජයෙන් එල්ල වූ අතර වත්මන් මිල සූත්රයට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඇමති කංචන විජේසේකර පවසයි.
මෙම මිල සූත්රයට ඉන්ධන ආනයන වියදම, ගොඩබෑමේ වියදම, බෙදා හැරිමේ වියදම හා බදු ඇතුළත් බවත් මිල සූත්රය අනුව සෑම රාත්රියකම හෝ මසකට වරක් මිල වෙනස් වීම ක්රියාත්මක කරන බවත් ඇමතිවරයා පවසයි.
මූලාශ්ර “අද”
Views: 0










