ෆේස්බුක් ඔස්සේ ලේක්හවුස් සේවක දඩයමක්

ෆේස්බුක් ඔස්සේ ලේක්හවුස් සේවක දඩයමක්

රජයට අයත් ලේක්හවුස් ආයතනයේ දැඩි සේවක මර්දනයක් මේ වනවිට දියත් කර ඇති අතර එම සේවකයන්ගේ ෆේස්බුක්වල පළ කරන සටහන් යොදා ගනිමින් මෙය දියත් කර තිබේ.

පවතින ආර්ථික කඩා වැටීම හමුවේ විශාල වශයෙන් සේවකයන් ඉවත් කිරීම සිදුකරමින් පවතින අතර පසුගිය 09 වෙනිදා අරගිලය ගහ මන්දිරයෙන් දියත් කළ මැර ප්‍රහාරයට එක්වූ මෙම ආයතනයේ සේවිකාවක් සහ ආණ්ඩුවට ගැති කිහිප දෙනෙකු විසින් සකස් කරන ලද ලැයිස්තු මත සේවකයන් ඉවත් කිරීම සිදු කරමින් පවතී.

අධික කාර්ය මණ්ඩලය ඉවත් කිරීමට පාලනාධිකාරිය ගෙන ඇති තීරණයක් මත බව පවසමින් විවිධ අංශවල කොන්ත්‍රාත් සේවකයින් විශාල පිරිසක් මේ වනවිටත් ඉවත් කර තිබේ. එක් අංශයක ඉවත් කිරීමේ කටයුතු ප්‍රසන්න රණතුංගගේ සමීපතමයෙකු මූලික වී සිදුකරනු ලබයි.

ඉදිරියේදී සතියට දවස් තුනක් පමණක් සේවය ලබා ගෙන විශාල වශයෙන් මූල්‍යමය දීමනා කපා හැරීමේ සැලසුමක් පවතින බවට වැඩි දුරටත් අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn