ගෝඨා මහින්ද කබ්‍රාල් සාගින්න දැල්වූ හැටි

ගෝඨා මහින්ද කබ්‍රාල් සාගින්න දැල්වූ හැටි

පසුගිය අප්‍රේල් මාසයේ මෙරට ආහාර උද්ධමනය 45.1%ක් දක්වා ඉතා වේගයෙන් වැඩි වී ඇති අතර සමස්ත උද්ධමනය එම මාසයේදී 33.8%ක් වැඩිවී ඇති බව මහ බැංකුවේ අලුත්ම නිවේදනවලින් හෙළිවේ.

මෙම තත්වය විශේෂයෙන්ම බැංකුවල තැන්පත් කර ඇති මුදල් කෙරෙහි විශාල වශයෙන් ඍණාත්මක බලපෑම් ඇති කර තිබේ. මේ වනවිට තැන්පතු සඳහා ගෙවන පොලිය 13%ක මට්ටමේ තිබෙන අතර උද්ධමනය 34%ට ආසන්න වීමෙන් නිරන්තරයෙන්ම තැන්පතුවල වටිනාකම 20%කින් පමණ අවප්‍රමාණය වීම සිදු වේ.

අද (24) අලුයම සිට ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමීමත් සමඟ යළිත් වටයකින් උද්දමනය ඉතා ඉහල මට්ටමකට ගමන් කිරීමේ පසුබිම නිර්මාණය කර තිබේ.

Facebook
Twitter
LinkedIn