
උතුරු කොරියානු නායක කිම්ජොන් අන් චීන සංචාරය සාර්තකව නිමකරමින් සිටින බව කොරියානු මාධ්‍ය වාර්තා ඵලකරයි. මේ අතර චීන සමාජ වෙබ් අඩවි හරහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේදී ඝාතනය කර ඇති බවට ලොව පුරා කට කතාවක් පතුරුවා ඇති බවද පැවසේ.
මෙම කට කතාවලින් පසු අන්ගේ චීන සංචාරයේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.
චීන වෙබ් අඩවියකින් ආරම්භ වී ඇති මේ ආරංචිය ට්විටර් වෙබ් අඩවිය පරිහරණය කරන්නන්ට ද ග්‍රහණය වී ඇතැයි බීබීසීය වාර්තා කළේය.
කෙසේ වෙතත් එය පිළිගතහැක්කක් නොවන බව අමෙරිකානු රහස් ඔත්තු සේවා පවසයි.
ජ්‍යෙෂ්ඨ අමෙරිකානු රහස් ඔත්තු සේවා නියෝජිතයෙකු පවසන්නේ මේ ආරංචිය මුළුමනින්ම බැහැර නොකළ ද එය පිළිගත හැකි කිසිදු සාක්ෂියක් නොමැති බවය.
ප්‍රසිද්ධ පුද්ගලයින් මියගිය බවට ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය වීම සාමාන්‍ය තත්ත්වයක් බව ද විදෙස් වාර්තා පවසයි.
සිය පියා වූ කිම් ජොං ඉල්ගේ අභාවයෙන් පසුව පසුගිය වසරේදි කිම් ජොං අන් උතුරු කොරියාවේ නායකත්වයට පත්විය



























