ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟයකින් තොරව කඩිනමින් සැපයීමට බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විවිධ කමිටුවලට අගමැතිවරයා විසින් පත්කර ගෙන ඇත.
මේ අනුව, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන සැපයීම ආදී වශයෙන් කමිටු පිහිටුවාගෙන ඇත. මේ අතරින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව සොයා බලා යෝජනා කිරීමට බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, මහා ලේකම් පාලිත රංගේ බන්ඩාර පත්කර තිබේ.
ඖෂධ හිඟය මඟ හරවා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත්කර ඇති අතර පොහොර අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා උප නායක අකිල විරාජ් කාරියවසම් පත්කර ඇත. ඛනිජ තෙල් සම්බන්ධයෙන් සොයා බැලීමට එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක පත්කර තිබේ.
මේ වනවිට රටේ මුළු මහත් ජනතාව දැඩි ලෙස පීඩා විඳින මෙම ක්ෂේත්‍ර පිළිබඳ සොයා බැලීමට අදාළ ක්ෂේත්‍ර පිළිබඳව විශේෂඥ අවබෝධයක් තිබෙන කිසිවෙකුත් පත් නොකර එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහට අතිශය සමීප නිලධාරීන් පමණක් පත්කර ඇත.









