බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට බේරේ වැව අසළදී අද (10) පෙරවරුවේ දැඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එහි රැස්ව සිටින ජනතාව, “අපිට ගහන්න නියෝග දුන්නේ කවුද?” යැයි විමසමින් දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙනු දක්නට ලැබෙන අතර ඔහුට පන්න පන්නා පහරදෙන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
මේ වනවිට පහර දීමෙන් තුවාල ලැබූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රෝහල් ගත කර ඇති අතර ඔහු කිනම් රෝහලකට ඇතුළත් කළේද යන්න අනාවරණය නොවේ.
එම පහරදීමෙන් පසු නිල ඇඳුම ඇඳගත් උසස් පොලිස් නිලධාරියෙකු බව පෙනෙන අයෙකු ගිණිඅවියකින් ජනතාව දෙසට වෙඩි තබන ආකාරයද දැකිය හැකිය.
Views: 0










