වර්තමාන ජනාධිපති බලයට පත්වීමෙන් පසුව මුදල් ඇමති ලෙස මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ පත්කර මහ බැංකු අධිපති ධුරය අජිත් නිවාඩ් කබ්රාල්ට බාරදීමෙන් පසුව ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ පළමුවරට, පසුගිය 2021 වසරේදි ශුද්ධ ජාත්‍යන්තර සංචිත ප්‍රමාණය ඍණ තත්වයට බිඳ වට්ටවා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබෙන 2021 වාර්ෂික වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත් වේ. කොරෝනා වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වූ 2020 වර්ෂයේදී ඩොලර් මිිලියන 3543ක ශුද්ධ ජාත්‍යන්තර සංචිත ප්‍රමාණයක් තිබුණු අතර එය 2021 අවසන් වෙන විට ඩොලර් මිලියන -423ක් දක්වා බිඳ වට්ටවා තිබිණි.
එයට පෙර 2017දී ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඩොලර් මිලියන 6,597ක් වී තිබුණු අතර ඉන් පසුව උච්ඡාවචනයන්ට ලක්වී වසරක් තුළ ඩොලර් මිලියන 3,543ක් වූ සංචිත ප්‍රමාණය ඍණ තත්වයට වැටී තිබිණි. විශේෂයෙන්ම 2021 වසරේදි ආනායනය තහනම් කිරීම් සහ පාලනයන් පවා තිබූ තත්වයක් තුළ මෙම ඩොලර් මිලියන (ඍණ) -423ක් දක්වා විශාප වශයෙන් බිඳ වැටීමට සලස්වා ඇත.
මූලාශ්‍රය – මහ බැංකු වාර්තාව










