ඩොලර් නැති අස්සේ තෙල් සංස්ථාව වැඩිපුරත් ඩොලර් ගෙවලා

ඩොලර් නැති අස්සේ තෙල් සංස්ථාව වැඩිපුරත් ඩොලර් ගෙවලා

ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමට ඩොලර් මිලියන 500ක ඉන්දියන් ණය පහසුකමක් ලබා දී තිබියදී තෙල් සංස්ථාව විසින් ස්ථානීය මිලදිගැනීම් (Spot Tender) සිදුකිරීම නිසා ඩොලර් මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගියදා ගෙන්වනලද තෙල් නැව් 04ක් සඳහා වැඩිපුර ඩොලර් මිලියන 22ක් ගෙවීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත. මාර්තු 22 දා ගෙන්වනලද තෙල් නැව සඳහා ඩොලර් මිලියන 52ක මිල ගණන් ලබාදී තිබුණද පසුව එය ඩොලර් මිලියන 39 දක්වා අඩු වී ඇත. නමුත් මෙම අවසන් මිල ඉදිරිපත්කිරීම නොසලකා අප්‍රේල් 24 වනදා තෙල් සංස්ථාව විසින් ඩොලර් මිලියන 52ක් එම නැවට ගෙවීම් සිදුකර තිබේ. මේ අනුව ඩොලර් මිලියන 13ක වැඩිපුර මුදලක් එක තෙල් නැවක් සඳහා ගෙවා ඇත. ඉතිරි තෙල් නැව් 03 සඳහා මේ ආකාරයට තවත් ඩොලර් මිලියන 09ක් වැඩිපුර ගෙවීම් සිදුකර ඇත.

ඊට අමතරව වරාය ප්‍රමාද ගාස්තු සඳහා තවත් ඩොලර් මිලියන 4.2ක් තෙල් සංස්ථාව විසින් ගෙවා ඇත. පසුගියදා විටෝල් සමාගමෙන් ගෙන්වනලද පෙට්‍රල් නැව සඳහා ඩොලර් 558,000ක් ගෙවා ඇති අතර ඉන්දියන් ණය පහසුකම යටතේ මෙම තෙල් ලබාගත්තේනම් මෙම මුදල ඉතිරි කර ගත හැකිව තිබූ බව තෙල් සංස්ථා ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn