රටේහි පවතින අර්බුධකාරී තත්වයට පිළිතුර හදිසි නීතිය නොවන බවත් එය වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජය විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇතැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.
ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනයෙන් දක්වා ඇත.
Views: 0









