කාලීන වශයෙන් වැදගත් තේමාවක් අනුව යමින් මේ මහා සංඝ සමුළුව පවත්වන බව ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.
ඔහු මේ බව පැවසූවේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ජාතික භික්ෂු පෙරමුණේ රැලිය අමතමිණි.
සියවස් හතර හමාරක පමණ කාලයක් අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීමෙන් මේ රටට සිදුකරනලද ව්‍යසනය 1948 නිදහස ලබාගැනීමෙන් පසුව අවසන් වේ යැයි අප සිතුවා. නමුත් එතැන්සිට මේ දක්වා 74 වසරක කාලයක් ගතවීමෙන් පසු අද අපි අත්විඳින්නේ බටහිර ජාතීන්ට යටත්ව සිටි සමයේ අත්වින්දාටත් වඩා විනාශකාරී තත්වයන් බව මහාචාර්යවරයා අවධාරණය කළේය.
Views: 0









