NPP සංවිධායකට පහරදුන් සජිත්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ දඹුල්ල ප්‍රදේශයේ සංවිධායකවරයෙකුට තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සංවිධායකයෙකු දඹුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (06) පැවති හර්තාල් ව්‍යාපාරය අතරතුර ජතික ජන බලවේගයේ සංවිධායකවරයාට තර්ජනය කර පසුව තවත් මැරයන් පිරිසක් සමග තිස්ස බණ්ඩාර හේරත් නැමති ප්‍රධාන චූදිතයා පහරකෑමට ලක් වූ වසන්ත රාජමන්ත්‍රීගේ නිවසට ගොස් අමානුෂික ලෙස පහරදී ඇත. මෙම පහරදීම සිදුක ඇත්තේ තර්ජනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිට වෙත පැමිණිල්ලක් කර තිබියදීය.

පහරකෑමට ලක්වූ ඔහු මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

පහරදීම සිදු කළ තිස්ස බණ්ඩාර හේරත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇති අයෙකි.

තුවාල ලැබූ ජාතික ජන බලවේගයේ සංවිධායකවරයාට පහර දුන් හිටපු පළාත් සභා මන්ත්‍රීගේ සමීපමත තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ පොලිස් ණ්ඩායමක් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

Facebook
Twitter
LinkedIn