මේ අතර මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලනය ආරම්භ වීමත් සමග ශ‍්‍රීලනිපයේ බලතලද ඔහුට අත්පත් කර ගැනීමට හැකිවිය. ඒත් සමග ශ‍්‍රීලනිපයේ ඇතැම් පිරිස් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයාගේ දින සියයගේ වැඩසටහනට සෘජුවම සහාය දෙන බව කීවේය. තවත් පිරිස් කීවේ තවමත් බහුතරය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නිසා දින සියයයේ ජනතාවාදී කි‍්‍රයාමාර්ග ඉටුකරවා ගැනීමට බලපෑම් කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට දරදිය ඇදිමින් මැතිවරණ වේදිකාවේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පට්ට ගැසූ ඇතැම් ඇමතිවරු ශ‍්‍රීලනිප නව සභාපතිවරයා සමග ජයග‍්‍රාහී ගමනක් ආරම්භ කරන බවද රැස්වීම් පවත්වමින් ප‍්‍රකාශ කරමින් සිටිති.
මේ සමග ජනතාව තුළ ඇතිවූයේ පරාජිත හැඟීමකි. ”මේක හරියට අලූත් බෝතලයකට පරණ වයින් දැම්මා වගේනෙ”, ”දැන් හොරු ටික මෛත‍්‍රීපාල ළඟට ඇවිත් චෝදනාවලින් ගැලවෙන්න හදන්නේ” ”හොරු ටික ළඟට ගත්තාම කොහෙද යහපාලනයක්” යනුවෙන් තැන තැන කතාබහ ඇතිවෙන්න පටන් ගත්තේ ඒ නිසාය. මෙය වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ ඇතැම් නායකයින්ට පිළිතුරු නොදී ඉන්නට බැරි කාරණයක් විය. ”දැන් ජනතාව හිතනවා සියලූ දෙනා අපේ වැඩසටහනට සහාය දෙන නිසා වංචා දූෂණවලට සම්බන්ධ අයගේ ෆයිල් යට යයි කියලා. කවදාවත් එහෙම වෙන්නේ නැහැ. වංචා දූෂණවලට සම්බන්ධ අය ඉන්නේ කොහෙද කියලා අදාල නැහැ. අපි අදාල අයට ද`ඩුවම් දෙනවා” ජනාධිපතිවරයා කීවේය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා, අතුරලියේ රතන හිමි යන අයද කීවේය ඒ කතාවමය. ”ඉස්සර ක‍්‍රමයක් තිබුණා දේශපේ‍්‍රමීන් දේශද්‍රෝහීන් වෙන්කරන ක‍්‍රමයක්. ඒ මහින්දට සහාය දෙන අය දේශපේ‍්‍රමී සහාය නොදෙන අය දේශද්‍රෝහී කියලා. දැන් මෛත‍්‍රීට සහාය දෙන අය හොරු නෙවෙයි, සහාය නොදෙන අය හොරු කියලා වෙන්කරන්න දෙන්න බැහැ. අපි බලමු කාගේ ෆයිල්ද ඇරෙන්නේ වැහෙන්නේ කියලා” අනුර දිසානායක කීවේය.









