පාර්ලිමේන්තුව මැයි 17 තෙක් කල් තබයි

පාර්ලිමේන්තුව මැයි 17 තෙක් කල් තබයි

පාර්ලිමේන්තුවේ අද (06) දිනයේ කටයුතු සඳහා පෙරවරු 10.00 ආරම්භ වූ අතර පාර්ලිමේන්තුවේ හටගත් උණුසුම්කාරී තත්වය හමුවේ මැයි 17 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තබන ලදී.

මේ අතර කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ලබන සඳුදා පෙරවරු 10.00 විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කඳවා ඇත.

කෙසේ වෙතත් මීට පෙර සකස් කළ පාර්ලිමේන්තු දින දර්ශනය අනුව වුවද මෙම මාසයට යළි පාර්ලිමේන්තුව කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 17 වනදාය.

Facebook
Twitter
LinkedIn