අරගලවලට අධිකරණ නියෝග ලබාදීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය අධිකරණයෙන් ඉල්ලුව දේ

අරගලවලට අධිකරණ නියෝග ලබාදීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය අධිකරණයෙන් ඉල්ලුව දේ

අරගල සම්බන්ධව පොලීසිය යම් අධිකරණ නියෝග ලබා ගැනීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව සෙසු පාර්ශවයන්ගේද කරුණු වීමසීමක් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (06) ඉල්ලීමක් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රමුඛ නීතිඥවරුන් කණ්ඩායමක් අද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

පොලිසිය විසින් මෙවැනි නියෝග ඒක පාර්ශ්විකව ලබාගැනීමට කටයුතු කරන ආකාරයක් තමන්ට පෙනී යන බව සඳහන් කර ඇති ජනාධිපති නීතිඥවරයා එය වැරදි ක්‍රියාවක් බව මෙහිදී පෙන්වා දි තිබේ.

අරගලය හා සම්බන්ධව කිසියම් හෝ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සම්බන්ධව සෙසු පාර්ශ්වයන්ගේද කරුණු විමසා තීරණයක් ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරයාගෙන් අද ඉල්ලා ඇත.

Facebook
Twitter
LinkedIn