මේ වනවිට රට පුරා ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරය සමග මහරගම නගරයේ ජනතාවද එක්වී සිටිති.
එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරීය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින්ද වන නීතීඥ කෞෂල්‍යා ආරියරත්න සහ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීරද එක්වී සිටිනු දක්නට ලැබිණි.
ජනතාව විශාල ප්‍රමාණයක නගරයට එක්වෙමින් කළු කොඩි අතැතිව විරෝධතා සටන්පාට කියමින් විරෝධතා දක්වන අතර නගරයේ පොදු ප්‍රවාහන කටයුතුද, ව්‍යාපාර කටයුතුද නතර කර තිබේ. නගරයේ ව්‍යාපාරික ප්රජාවද හර්තාල් ව්‍යාපාරයට සිය සහාය ලබාදී තිබේ.





Views: 0










