රාජපක්ෂලාගේ පාලනය ලංකාව ලෝක වර්තා අතරට ගෙන යයි

රාජපක්ෂලාගේ පාලනය ලංකාව ලෝක වර්තා අතරට ගෙන යයි

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ආසියාවේ ණය ගෙවීම් පැහැර හරින ලද තුන්වන රට බවට ශ්‍රී ලංකාව පත්කර ඇතැයි ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල පෙන්වාදී තිබේ.

මහාචාර්යවරයා මෙම තොරතුරු හෙළිකර තිබෙන්නේ අද (06) සිරස රූපවාහිනී පැතිකඩ වැඩ සටහනට එක් වෙමින් ය. මෙයට පෙර 1962 දී මියන්මාරයද 1968දී ඉන්දුනීසියාවද ණය ගෙවීම පැහැර හැර ඇති අතර ඉන් වසර 54කට පසුව ශ්‍රී ලංකාව එම ලැජ්ජාශීලි තැනට ඇද දමා තිබේ.

ණය ගෙවීම් පැහැර හැරීමට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ ඵලදායක නොවන සුදු අලි ව්‍යාපෘති සඳහා අධික පොලියට විදේශ ණය අති විශාල වශයෙන් ලබා ගැනීම ය. මේ ලෙස ණය ලබා ගෙන මෙයට පෙර ආජන්ටිනාව, සිම්බාබ්වේ සහ ලෙබනනය බංකොලොත් වී ඇති බව මහාචාර්යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

Facebook
Twitter
LinkedIn