’යුක්රේන යුද්ධයට මැදිහත් වීමට උත්සාහ කරන ඕනෑම රටකට‘ ඒ සඳහා ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇතැයි රුසියානු ජනපති වැල්දමීර් පුටින් විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
රුසියානු ජනාධිපති වරයා පවසන්නේ යුද්ධයක් සඳහා අවශ්‍ය සියලු දේ තම රටෙහි තිබෙන බවත් අවශ්‍ය උවහොත් ඒවා භාවිතා කරණ බවත් පුටින් පවසා ඇත. බැලස්ටික් මිසයිල සහ න්‍යෂ්ටික අවි පිළිබඳ අදහස් දක්වමින් ඔහු පැවසූවේ “කිසිවෙකුට පුරසාරම් දෙඩීමට නොහැකි සියලුම අවශ්‍ය මෙවලම් අප සතුව ඇත. අවශ්‍ය නම් අපි ඒවා භාවිතා කරන්නෙමු” යනුවෙනි.
කෙසේ වෙතත් යුක්‍රේනය හමුවේ රුසියාව පරාජය වන බව පසුගියදා ඇමරිකාව ප්‍රකාශකර තිබූ අතර එම ප්‍රකාශයෙන් පසුව යුක්‍රේනයට සහය දක්වන රටවල් ආයුධ සැපයීම වේගවත් කර තිබේ.
1










