දූෂණ චෝදනා හා නඩු කටයුතුවලට භාජනය වී සිටින හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් ලබා ගන්නා ලෙස නීතීඥයින් කණ්ඩායමක් ලබන 26 වනදා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ නිතීඥ සුනිල් වටගල,
“මේ තියෙන දේශපාලන වාතාවරණය මත අපට ආරංචිවෙලා තියෙනවා ඔවුන් විදේශගතවීමට උත්සාහක් කරනවා කියලා. එතකොට ඒ විදේශගත වීමට කරන උත්සාහයේදී සමහ නඩුවලට ට්‍රැවල් බෑන්ඩ් දාල තියෙනවා. ඒ දාපුවා ඉවත් කරගෙන තියෙනවා. එතකොට අපි යළි ඉල්ලීමක් කළා නීතිපති තුමාගෙන්, මෙන්න මේ ට්‍රැවල් බෑන්ඩ් එක යළි පනවන්න කියලා. මොකද මේක සම්බන්ධවෙලා තියෙන්නේ මුදල් විශුද්ධිකරන පනත හරහා. රටේ මහජන දේපළ. එතකොට ඒ කාරණයේදී නීතිපතිතුමාගෙන් හොඳ ප්‍රතිචාරයක් ආවා. ඒකත් එක්ක ඒ කරන්න පුළුවන් උපරිම උත්සාහ ගන්නවා කියන එක තමයි නීතිපතිතුමාගේ පැත්තෙන් කියවුනේ”
මෙම අවස්ථාවට නිතීඥ සුනිල් වටගල, නීතීඥ නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් එක් වී සිටියහ.










