දුම්රිය සේවකයෝත් වැඩවර්ජනයට එක් වෙති

දුම්රිය සේවකයෝත් වැඩවර්ජනයට එක් වෙති

හෙට (28) පැවැත්වෙන සංඛේත වැඩවර්ජනයට සමගාමීව දුම්රිය සේවකයින් අද (27) මධ්‍යම රාත්‍රියේ සිට හෙට (28) මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.

ආන්ඩුවට එරෙහිව රට පුරා පැවැත් වෙන ජනතා අරගලයන් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම දුම්රිය සේවකයින් සංකේත වැඩවර්ජනය ආරම්භ කරනු ලබන බව දුම්රිය වෘත්තීය සමිති සංධානය පවසයි.

ඒ අනුව දුම්රිය නියාමක සංගමය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය, ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් යුනියන්, දුම්රිය සේවක සංගමය, දුම්රිය තාක්ෂනික ශිල්පී සංගමය ඇතුළු දුම්රීය වෘත්තීය සමිති 30 කට අධික ප්‍රමාණයක් විරෝධතාවන්ට සහය දැක්වීමට එක් වෙන බව වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කරයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ බව සඳහන් කළේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදීය.

Facebook
Twitter
LinkedIn