ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 360 දක්වා අද (27) දිනයේ සටහන් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (27) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 337.82ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 350.49ක් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.
මේ අතර, මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල දක්වා තිබුණේ පහත පරිදිය.
ලංකා බැංකුව – රුපියල් 353.00
මහජන බැංකුව – රුපියල් 352.99
සම්පත් බැංකුව – රුපියල් 355.00
සෙලාන් බැංකුව – රුපියල් 355.00
කොමර්ෂල් බැංකුව – රුපියල් 355.00
DFCC – රුපියල් 340.00
HNB – රුපියල් 353.00
NDB – රුපියල් 360.00
අමානා බැංකුව – රුපියල් 355.00










